25.2 C
Colombo
Thursday, November 28, 2024

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

- Advertisement -

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී ගොස් ඇති බව වාර්තා වෙනවා.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ්.සරත්චන්ද්‍ර මහතා පවසන්නේ තවත් වැව් 250ක් කැඩීයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

වව්නියව දිස්ත්‍රික්කයේ පවතින වත්මන් කාලගුණික තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ නිලධාරීන් සමග නිරීක්ෂණයක නිරත වූ අවස්ථවේදී වව්නියාව දිසාපතිවරයා මේ බව පවසා තිබෙනවා.

වව්නියාව දිස්ත්‍රීක්කයේ වැව් 800කට අධික ප්‍රමණයක් පිහිටා ඇති අතර මෙලෙස වැව් බැමි එකවර විශාල ප්‍රමාණයක් කඩා ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

එබැවින් පහත්බිම්වල ජීවත්වන ජනතාවට දැඩි පරීක්ෂාවකින් සිටින ලෙසටද ආපදා කළමනාකරණ නිලධාරීන් දැනුම් දෙනවා.

එමෙන්ම කැඩීයාමේ අවදාමකට ලක්ව ඇති වැව් ආසන්නයේ සිටින ජනතාවද ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මේවනවිට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES