24.9 C
Colombo
Thursday, November 28, 2024

Breaking: උසස් පෙළ නැවත ආරම්භ වන දිනය මෙන්න

- Advertisement -

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන ප්‍රවෘත්ති එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි.

ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණා.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව දෙසැම්බර් මස 4 වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බව ද පැවසු විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියා.

“නොවැම්බර් 27 සිට දෙසැම්බර් 3 වන දා දක්වා අපි පවත්වන්නේ නෑ. එතකොට දින 6ක් විභාගය නෑ. එතකොට විභාගය නැවත පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 4 වෙනි බදාදා. ඒ එක්කම දෙසැම්බර් 4 වෙනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන්. මේ වනවිට නිකුත් කර ඇති කාලසටහන අනුව දෙසැම්බර් 4 වෙනි බදාදා පැවැත්වීමට නියමිත විෂයන් තමා එදිනට පැවැත්වීමට කටයුතු කරන්නේ. විෂයන් වශයෙන් උදේ වරුවේ රසායන විද්‍යාව පළමු පත්‍රය තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය තමයි 4 වෙනි බදාදා පැවැත්වෙන්නේ.”

කල්දැමූ උසස්පෙළ විෂයන් නැවත පවත්වනු ලබන දින පහතින්.

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා

* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා

* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා

* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා

* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා

* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා

මේ අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත් වෙන අතර එදිනට නව කාලසටහන වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

මන්ත්‍රී අර්චුනා අධිකරණයට භාරවෙලා

රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට...

ණය ශ්‍රේණිය ඉහළ දාන්න මූඩිස් ආයතනයේ අවධානය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීම කෙරෙහි මූඩිස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. රොයිටර් පුවත් සේවය අද (28) වාර්තා කළේ, ශ්‍රී...

POPULAR ARTICLES