24.9 C
Colombo
Thursday, November 28, 2024

දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් වටලලා

- Advertisement -

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.  

එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේ දී කුරක්කන් කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක්, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12 ක් ඇතුළත භාවිතා කල යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද , ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ  කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ ආකාරය නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාළ ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි උත්සව සමය තුල මෙවැනි භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් සිදුකරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසුවා.

එළඹෙන උත්සව සමය තුළ තොරතුරු වෙනස් කරන ලද ආහාර ඇතුළු භාණ්ඩ වෙළඳපලට නිකුත් කිරීම වැලැක්වීම සඳහා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වන අතර එහිදී තොග ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...