මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා.
මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා අයදුම් කළ පිරිස අතරින් 60කට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව සඳහන්.
නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීම එළඹෙන දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුර බැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.
මන්ත්‍රීවරුන් 110 කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීමට නියමිතයි.