අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා වනවා.
කාර්තිව් පොලීසිය සඳහන් කළේ අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර, ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
එහෙත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
මේ අතර අයහපත් කාලගුණ තත්වය අතරතුර වව්නියාව, මහකච්චාකොඩිය වැවේ වාන් දැමීම නැරඹීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ත්‍රිකුණාමලය යාන්ඔය ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ද බෝට්ටුවක් පෙරළී යාමෙන් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් සිදුවු මරණවලින් වැඩි සංඛ්‍යාවක් අනතුරුදායක තත්ත්වය නොසලකමින් කටයුතු කිරීම හේතුවෙන් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා පැවසුවා.