25 C
Colombo
Thursday, November 28, 2024

පුංචි ඡන්දේ තියන දිනය ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීරණයක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කොමිසමේ පැවැත්වූ සාකච්ඡාවකදීයී.

කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිසම රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස නියෝගයක් ලබා දුන්නා.

ඒ, පසුගිය වසරේ මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තීන්දුව ලබා දෙමින්.

පසුගිය අගෝස්තු 22 වනදා මෙහි තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කළේ, එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ එවක මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව, කඩිනමින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස නියෝග කෙරුණා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ට අදාළ මැතිවරණ ආදායම් වියදම් වාර්තා ලබා දුන් කාලය ලබන මස 06 වනදායින් අවසන් වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

POPULAR ARTICLES

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...