25 C
Colombo
Thursday, November 28, 2024

නුවරඑළියට තද වැසි – උඩරට දුම්රිය නානුඔයට සීමා වෙයි

- Advertisement -

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයෙක් පවසනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ මට්ටමට පැමිණෙන විට ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.

එමෙන්ම, පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය සහ නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටී ඇති නිසා එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිලිමත් ආකාරයෙන් රිය ධාවනය කරවන ලෙස ආපදා කලමණාකරණ ඒකකය රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර, ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇළිවල ජල ධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණයත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන මඟී ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමටද පියවර ගෙන තිබුණා.

නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේ එම දුම්රිය ධාවනය කිරීමේදී වේග සීමාද පනවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...