නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් ඊයේ (27) දින සිට ගිලා බැසීමට ලක්ව තිබෙන බවට වාර්තා වනවා.
මේ හේතුවෙන් එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසිය විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
එම ගම්මානයට පිවිසෙන මාර්ගය ඊයේ (27) දින සම්පුර්ණයෙන්ම ගිලා බැසීමට පටන් ගැනීමත් සමඟ ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසීමට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
නාවලපිටිය පස්බාගේ කොරළේ ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපදා කලමණාකරණ ඒකකයේ උපදෙස් මත ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ආපදාවට ලක් වී ඇති පිරිසට උපදෙස් ලබා දී ඇත.