24 C
Colombo
Thursday, November 28, 2024

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට

- Advertisement -

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඉකුත් 26 වනදා පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලායෑමට බස් රථයක් නොමැති බැවින් එම ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී මුදල් ද ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බවට කරුණු හෙළි වී ඇති බවයි.

කෙසේවෙතත්, බස් රථය ධාවනය කිරීම නතර කර ඇත්තේ ද ඒ වනවිට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් බව වාර්තා වෙනවා.

එවැනි පසුබිමක, මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයකට මුදල් ලබා දී දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මාර්ගය අවදානම් බැවින් ට්‍රැක්ටර් රථයෙන් දරුවන් ප්‍රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබූ බවද පොලීසිය සඳහන් කරනවා.

අනතුරුව, අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී  සිසුන් 11 දෙනෙකු සමඟ අදාළ ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළීයෑගොස් තිබූ අතර එම අවස්ථාවේදී සිසුන් 5 දෙනෙකු දිවි බේරාගෙන තිබුණා.

 තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් වූ අතර මේ වන විට ඉන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.

 මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙක්.

එම පිරිස අතර සිටි තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර, සැඩ පහරට හසුවුණු ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (28) උදෑසන වන විට සොයාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...