28.2 C
Colombo
Sunday, March 30, 2025

අමාත්‍යාංශවල විෂයන් බෙදුනු විදිහ සාධාරණද?

- Advertisement -

නව අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යංශවලට අයත් විෂයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොවැම්බර් 25 වන දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සතු අමාත්‍යංශ 3ක් යටතේ ආයතන 94ක් තබාගෙන ඇති අතර, එය නව රජයේ එක් අමාත්‍යවරයෙකු යටතේ ඇති වැඩි ම ආයතන සංඛ්‍යාව යි.

අදාළ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පැවරී ඇති අමාත්‍යාංශවල දෙපාර්තුමේන්තු, ව්‍යස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා පහතින්,

ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන, දෙපාර්තුමේන්තු හා රාජ්‍ය සංස්ථා ගණන 25කි.

1. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය

2. ශ්‍රී ලංකා යුද හමුදාව

3. ශ්‍රී ලංකා නාවික හමුදාව

4. ශ්‍රී ලංකා ගුවන් හමුදාව

5. රාජ්‍ය බුද්ධි සේවාව

6. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු

7. ජාතික ශිෂ්‍යභට බලකාය

8. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය

9. සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

10. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය

11. මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් ලෙස

12. ආරක්ෂක සේවා විද්‍යාලය

13. ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

14. ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය

15. ජාතික ආරක්ෂක විද්‍යායතනය

16. රක්නා ආරක්ෂණ ලංකා සමාගම

17. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව

18. ජාතික ආරක්ෂක අරමුදල

19. රණවිරු සේවා අධිකාරිය

20. අපි වෙනුවෙන් අපි අරමුදල

21. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

22. ව්‍යසන කළමනා කරණය සඳහා වූ ජාතික සභාව

23. ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය

24. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

25. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ද ජනාධිපතිවරයා සතු වන අතර එම අමාත්‍යංශය යටතේ ආයතන 62ක් පවතිනවා.

මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය

1. මහා භාණ්ඩාගාරය

2. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව

3. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

4. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

5. ජාතික අයවැය දෙපාර්තමේන්තුව

6. කළමනා කරණ සේවා දෙපාර්තමේන්තුව

7. රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

8. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

9. රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

10. වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

11. නීති කටයුතු දෙපාර්තමේන්තුව

12. කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

13. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

14. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව

15. කොස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය

16. ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව

17. තොරතුරු තාක්ෂණ කළමනා කරණ දෙපාර්තමේන්තුව

18. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

19. ශ්‍රී ලංකා රේගුව

20. සුරා බදු දෙපාර්තමේන්තුව

21. රාජ්‍ය සම්පත් කළමනා කරණ සංස්ථාව

22. ජාතික ලොතරැයි මණ්ඩලය

23. සංවර්ධන ලොතරැයි මණ්ඩලය

24. තක්සේරු දෙපාර්තමේන්තුව

25. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

26. ශ්‍රී ලංකා මහ බැංකුව

27. සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය ආයතන, රක්ෂණ සමාගම් හා ඒවායේ පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන

28. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

29. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්

30. ශ්‍රී ලංකාණය තොරතුරු කාර්යාංශය

31. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව

32. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය

33. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

34. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

35. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව

36. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

37. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

38. බදු අභියාචනා කොමිෂන් සභාව

39. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

40. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය

41. තිරසර සංවර්ධන සභාව

42. රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථසාධක සංගමය

43. වර්ජන, කෝලාහල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල

44. ජාතික රක්ෂණ භාර අරමුදල

45. සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල

46. ලෝහෝර් ආර්යා අරමුදල

47. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව

48. රාජ්‍ය ණය කළමනා කරණ කාර්යාලය

49. ටෙක්නො පාක් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

50. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

51. ජාතික ණය සුරැකුම් ආයතනය

52. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ පරිපාලිත සමාගම්

53. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

54. කැන්විල් හෝඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්

55. ප්‍රොවිඩන්ට් ප්‍රොපටි ලංකා ලිමිටඩ්

සමාලෝචනය කරනු ලැබෙන ආයතන

56. ඒ ෂියන් ගේම් (ප්‍රයිවට්) ලිමිටඩ්

57. කොමන්වෙල්ත් ගේම් හම්බන්තොට (ප්‍රයිවට්) ලිමිටඩ්

58. මාගම්පුර වරාය කළමනා කරණ (පුද්ගලික) සමාගම

59. සීමාසහිත මිහින් ලංකා (පුද්ගලික) සමාගම

60. පෑලියගොඩ ගබඩා සංකීර්ණය

61. උපාය මාර්ගික ව්‍යවසාය කළමනා කරණ නියෝජිතායතනය (SEMA)

62. ලංකා ෆැබ්රික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය, තොරතුරු තාක්ෂණ උද්‍යාන, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන යන ආයතන ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වෙත පවරා තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍ය

1. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන

2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන

3. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

4. ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය

5. තොරතුරු තාක්ෂණ උද්‍යාන

6. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

7. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන

ඉන්පසුව වැඩි ම ආයතන ගණන් හිමිව ඇත්තේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට වන අතර, ඔහු යටතේ ඇති ආයතන ගණන 41ක්.

හරිනි අමරසූරිය අගමැතිනියට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපනය අමාත්‍යංශය ලබා දුන් අතර එම අමාත්‍යංශයට ආයතන 26ක් අයත් වනවා.

ඒ අනුව අගමැති හරිනි අමරසූරිය සතු අමාත්‍යංශ සඳහා මෙන් ම ඇමති හිනිඳුම සුනිල්සෙනෙවි සහ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට පවරා ඇති ආයතන සංඛ්‍යාව 26ක්.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු පත් කරන ලද කුඩා ම කැබිනට් මණ්ඩලය ද නියෝජනය කළ, මෙවර මහ මැතිවරණයෙන් වාර්තාගත වැඩි ම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් විජිත හේරත් ඇමතිවරයා සතු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයට ආයතන 9ක් අයත් වනවා. .

එමෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාලට හිමි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය අඩුම ආයතන හිමි අමාත්‍යංශය වන අතර එම ආයතන සංඛ්‍යාව 5ක්.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, ආගමන හා විගමන දෙපාර්තුම්න්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය යන ආයතන 5 මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...