වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති බවයි.
එමෙන්ම, අධික වැසි සමඟ ඇතිවු ආපදාවලින් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකුට දිවි අහිමිවී තිබෙනවා.
එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 18 ක් බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, කාලගුණය අයහපත් වීමත් සමඟ සුරක්ෂිත මධ්‍යස්ථාන 345ක පුද්ගලයින් 36,330 දෙනෙකු රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා
එම මධ්‍යස්ථානය තවදුරටත් වාර්තා කළේ මේ වන විට නිවාස 102කට පුර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1,952ක් බවයි.