උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන්.
හතරවන දිනටත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා.
මේ අතර කොළඹ කොටුව හා බදුල්ල අතර ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (28) කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කිරීමට පියවර ගත් බව ද පාලක මැදිරිය පවසනවා.