අම්පාර, නිර්දවූර් ප්රදේශයේ ගංවතුරට හසුව අතුරුදන් වූ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
අම්පාර දිස්ත්රික් ලේකම් චින්තක අබේවික්රම මහතා සඳහන් කළේ, ට්රැක්ටර් රථය අනතුරට ලක් වූ මාවඩි පාලම ආසන්නයේදී එම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගත් බවයි.
ගල්ඔය ප්රදේශයේ ගඩොල් වාඩියක සිටියදි අතුරුදන් වූ 54 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඊයේ දහවල් සොයා ගනු ලැබුවා.
ඒ, පොලිස් සහ නාවික හමුදා ජිවිතාරක්ෂක කණ්ඩායම් එක්ව කළ සෝදිසියකදීයි.