28.1 C
Colombo
Friday, November 29, 2024

පොලීසිය ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ට හිරිහැර කරන වංචාවක්

- Advertisement -

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නිල ලාංඡනය භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ මෙහෙයුම් මැදිරියක රාජකාරියේ නිරත නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් කිසියම් පිරිසක් විසින් ජනතාවගෙන් පැමිණිලි ලබා ගැනීම සිදු කර ඇති බවයි.

එහිදී එම පිරිස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ නිල ලාංඡනය යොදා ගෙන “sl remover” හා “SL protection” නමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද Whatsapp, Telegram හා විවිධ සමාජ මාධ්‍ය යොදා ගනිමින් අදාල ජායාරූප හා තොරතුරු ලබා ගැනීම සිදු කර ඇති බවද පොලීසිය තවදුරටත් සඳහන් කරනවා.

පොලීසිය දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශ විසින් මේ ආකාරයට කිසිඳු විවිධ සමාජ මාධ්‍ය සමූහයන් පවත්වා ගෙන නොයන අතර ළමුන් හා කාන්තාවන්ට සිදුවන පැමිණිලි හා තොරතුරු ඉදිරිපත් කළ හැක්කේ 109 සෘජු දුරකතන අංකයට පමණක් බවයි.

ඒ අනුව, මින් ඉදිරියට පහත සඳහන් නිල ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති කිසිඳු ගිණුමකට පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය අවධාරණය කරනවා.

එමෙන්ම, කිසියම් අයෙක් එලෙස තොරතුරු ඉල්ලීමක් සිදු කරයි නම් 109 මෙහෙයුම් මැදිරියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking : පුද්ගලයින් හයකට මරණ දඬුවම

2016 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් මරා දමා තවත් පිරිසකට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්...

විජිත කොළඹ මහාධිකරණයට එයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට...

දඹුල්ලේ එළවලු හිඟයක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු...

POPULAR ARTICLES