27.1 C
Colombo
Friday, November 29, 2024

දඹුල්ලේ එළවලු හිඟයක්

- Advertisement -

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර  එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය  යුතු මට්ටමෙන්  අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසනවා.

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

වැසි තත්වය හේතුවෙන් ගුණාත්මක භාවයෙන් යුතු එළවළු වෙළඳ මධ්‍යස්ථානයට නොලැබීම මත ඒවා අලෙවි නොවන නිසාවෙන් මේ තත්ත්වය උදාවී තිබෙනවා.

ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි ,ජි .විජේනන්ද  මහතා පවසනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පිට පළාත්වලින් ලැබෙන එළවළු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බවත් පෙන්වාදුන් ලේකම්වරයා කියා සිටියේ, එලවලු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථාද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවයි.

එමෙන්ම මධ්‍යස්ථානය තුළ  කැරට්  ලිස් කිලෝ එකක තොග මිල රු 100 ත් 140 ත් මිලකට අලවි වන අතර පහතරට එළවලු බොහොමයක් වෙළදපලේ දක්නට නොමැති තරම් බවත්  එළවළු  සිල්ලර මිල ඉහල යා හැකි බවත් අයි ,ජි .විජේනන්ද  මහතා පවසනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400ත් 420ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට් සහ ලීස් කිලෝවක් රුපියල් 130 ත් 140  අතර මිලකටත් වට්ටක්කා කිලෝවක් රුපියල් සියයකටත් අමු මිරිස් කිලෝ එකක් රුපියල් 250ක  මිලකට අලෙවිවීම සිදුවන බවයි පවසන්නේ.

එම යම් මට්ටමකින් මිල ඉහළ ගියද ඒවා අලෙවි කර ගැනීමට වෙළෙන්දන් නොමැති බව ඔහු  වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

හසීනාගෙන් බංග්ලාදේශ රජයට පණිවිඩයක්

බංග්ලාදේශයේ බලයෙන් පහකළ අගමැතිනි ෂීක් හසීනා එරට හින්දු පූජකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඒ චින්මෝයි ක්‍රිෂ්ණා දාස් නැමති හින්දු පූජකවරයෙකු අත්අඩංගුවට ගැනීමත්...

කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (29) පස්වරු 6 එම නිවේදනය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

POPULAR ARTICLES