25 C
Colombo
Tuesday, January 14, 2025

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

- Advertisement -

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 94ක් ලැබී ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය පවසනවා.

108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර 10 වෙනි පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසිවාරයේ පළමු පාර්ලිමේන්තු සතිය දෙසැම්බර් 3 වෙනිදායින් ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...