ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී අද (29) පවත්වා තිබෙනවා.
ඒ සඳහා අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
එහිදි දේශනයක් සිදුකරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ, වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයකින් යුතු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය හා ගරුත්වය ආරක්ෂා කිරීම තමන් හමුවේ පැවරි තිබු ප්‍රබල අභියෝගයක් බවයි.
විනිසුරුවරුන් එම විශ්වාසය හා වගකීම උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පැවසු අගවිනිසුරුවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විනිසුරු මඩුල්ල අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය යහපත් ලෙස ක්‍රියාත්මක වීමට බෙහෙවින් බලපාන බව ද පෙන්වා දී තිබෙනවා.