පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
මේ දිනවල අහසේ දක්නට ලැබෙන අඳුරු ආලෝකය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ පසුගියදා ඇති වූ අධික වර්ෂාපතනයත් සමග එම දර්ශකය ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබුණු බවයි.
මෙරට වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබෙන බවද අජිත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.
ඔහු තවදුරටත් සඳහන් කළේ අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක මෙරටට ඇතුළුවීම මෙම තත්ත්වයට හේතුව බවයි.
මේ තත්වය සමඟ අනුරාධපුර, යාපනය, කොළඹ වැනි ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය 180 වැනි ඉහළ අගයකට ගොස් ඇති බවද මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දුන්නා.
වායුගෝලයේ දුවිලි අංශු වැඩිවීම මිනිසාට අහිතකර බවත්, ස්වසන අපහසුතා තියෙන සංවේදී පුද්ලයන් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා වෛද්‍ය උපදෙස් ගත යුතු බවත් ඔහු තවදුරටත් අවධාරණය කළා.
කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බවද අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.