25 C
Colombo
Friday, November 29, 2024

හසීනාගෙන් බංග්ලාදේශ රජයට පණිවිඩයක්

- Advertisement -

බංග්ලාදේශයේ බලයෙන් පහකළ අගමැතිනි ෂීක් හසීනා එරට හින්දු පූජකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඒ චින්මෝයි ක්‍රිෂ්ණා දාස් නැමති හින්දු පූජකවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ විරෝධතාවක් අතරතුර ඇති වූ ගැටුම්වල දී ඝාතනයට ලක්වූ නීතිඥවරයෙකුගේ මරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අගමැතිනි :

“සනාටන් ආගමික ප්‍රජාවේ ඉහළ නායකයෙකු අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වහාම නිදහස් කළ යුතුයි. චිතගොං හි කෝවිලක් ගිනි තබා තිබෙනවා. මීට පෙර, අහමදියා ප්‍රජාවගේ පල්ලි, සිද්ධස්ථාන, පල්ලි, ආරාම සහ නිවාසවලට පහර දී, විනාශ කර, කොල්ලකෑම් සහ ගිනි තබා තිබෙනවා.”

ඇය වැඩිදුරටත් පවසන්නේ, සියලු ජන කොටස්වල ජනතාවගේ ආගමික නිදහස සහ ජීවිත හා දේපළ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවයි.

ආර්ථිකය සහ නීතිය හා සාමය හැසිරවීමට බංග්ලාදේශයේ අන්තර්වාර රජයට ඇති හැකියාව පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරන හසීනා, “වර්තමාන බලය අල්ලා ගන්නන් සෑම අංශයකින්ම අසාර්ථක බව පෙන්නුම් කර තිබෙනවා.

මේ අතර, එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය කරන්න වත්මන් පාලනයට නොහැකි වී ඇති බවත්, ජන ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් වීමත්, සාමාන්‍ය ජනතාවට සෘජුව සහ වක්‍රව සිදු කරන වධහිංසා ද ඇය විසින් දැඩි ලෙස අදාළ ප්‍රකාශය හරහා ඇය විසින් හෙළා දැක තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...