23 C
Colombo
Friday, December 27, 2024

බසයක ගමන් ගත් තරුණයෙකුට පහරදීමේ සිද්ධිය ගැන නිවේදනයක්

- Advertisement -

කොට්ටාව – ගල්කිස්ස (255) බස් මාර්ගයේ මගියෙකුට පිරිසක් විසින් පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2024 නොවැම්බර් 24 දින උදෑසන කොට්ටාව – ගල්කිස්ස (255) බස් මාර්ගයේ ගමන් කළ පෞද්ගලික බස් රථයක් දිගු වේලාවක් නවත්වා ගෙන සිටීම, වලංගු ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම, මඟින් අපහසුතාවයට පත් කිරීම හා තර්ජන කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ බසයේ ගමන්ගත් තරුණයෙකුට පිරිසක් විසින් අමානුෂිකව පහර දී තිබුණා.

මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් එදින  සිට අද (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

බස් රථයක ගමන් කළ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල පියවර ගෙන ඇති දැයි සමාජ මාධ්‍ය තුළ බහුලව ප්‍රශ්න කිරීමත් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...