30 C
Colombo
Thursday, December 26, 2024

කැළුම් ජයසුමන ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තරග කළ කැළුම් ජයසුමන නැමැති අයෙකුට ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් සිදු කළා යැයි චෝදනා එල්ල කර ඔහුව කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහුව අද අලුයම 1.45 ට පමණ මෙලෙස කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් රැගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ වන විට ඔහු කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය (CCDI) හි රඳවා ගෙන සිටිනවා.

මේ අතර, එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ල වී තිබෙනවා. 

ඒ අනුව, මෙම සැකකරුවන් මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට...

රාජ්‍ය නිලධාරීන් මාරු කිරීම ගැන සජබෙන් නිවේදනයක්

රජයේ හා පළාත් සභාවල නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය...

බීමතින් රිය පදවන රියදුරන්ට ඉදිරියේදී වෙන දේ මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට...

POPULAR ARTICLES