27.8 C
Colombo
Monday, December 2, 2024

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා තිබෙනවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වනවා.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.

මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් 4ක් රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

මන්ත්‍රී වාහන ගැන තීරණයක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇති බවට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසු බව ලංකාදීප පුවත්පත...

POPULAR ARTICLES