27 C
Colombo
Monday, December 2, 2024

මන්ත්‍රී වාහන ගැන තීරණයක්

- Advertisement -

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇති බවට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

ඔහු පවසා ඇත්තේ, රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීම වෙනුවට ඔවුන් භාවිතා කරන පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබා දීමට රජය මේ වන විට තීරණය කර ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවා ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බවයි එම නිලධාරියා සඳහන් කළේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළා.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබා දුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි.

සෑම වසර පහකට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු එහිදී පවසා තිබෙනවා.

මේ අතර මීට පෙර අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිතා කළ නඩත්තු කිරීමට අධික මුදලක් වැය වන v8 වර්ගයේ මෝටර් රථ 228ක් වෙන්දේසි කිරීමට පියවර ගන්නා බවත් එවැනි v8 වර්ගයේ මෝටර් රථ රජය භාවිතය සඳහා ඉදිරියේදී ආනයනය නොකරන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

V8 වර්ගයේ මෝටර් රථ වෙනුවට දැරිය හැකි අඩු මිල ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් මෝටර් රථ ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ජාතිවාදී ධම්මවිජය සිවුරු හැර රට පැනලා

මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා. අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්...

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

POPULAR ARTICLES

ඉන්දියාවේ වෙඩි තැබීමේ පුහුණු ඇකඩමියක සියදිවි නසා ගැනීමක්

වෙඩි තැබීම සඳහා පුහුණු කටයුතු සිදු කරන ඇකඩමියක දී 17 හැවිරිදි සිසුවෙකු සියදිවි නසාගෙන තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බෝපාල්හි දියි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

ජාතිවාදී ධම්මවිජය සිවුරු හැර රට පැනලා

මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා. අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...