මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් එය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා පුහුණුව ලබාදීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
ඒ සදහා වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණා.
මෙම සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීම සඳහා පහුගිය ආණ්ඩු විසින් යෝජනා කර තිබුණත් මේ වන විටත් එම රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය අවම මට්ටමක පවතින බවයි.
“ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගෙන වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොමු කරලා සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරලා සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළත් කණ්ඩායමට භාර දීලා තියෙනවා, ඒ වාර්තාව දෙසැම්බර් වන විට ලැබෙන්න නියමිතයි, ඒ අනුව, නෙවිල් ප්‍රනාන්දු රෝහල විශේෂ මොඩලයක් යටතේ සංවර්ධනය කිරීමටත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් සඳහා ආචාර්ය ඒකකය සහිත ශික්ෂණ රෝහලක් බවට නාගොඩ රෝහල සංවර්ධනය කිරිමටත් එකඟතාවයකට පැමිණුනා”