මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා.
අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ සමාජයෙන් එල්ල වූ දැඩි අපවාද, අවලාද හමුවේ තමන්ට තවදුරටත් පැවිදි වී සිටිමින් මෙරට ශාසනය වෙනුවෙන් කැපවීමෙන් තේරුමක් නොමැති බවයි.
මේ අතර තමන්ගේ නායක (ගුරු හිමියන්) වෙනුවෙන් ද උපවැදි වූ ධම්මවිජය හිමිපාණන් දීර්ඝ සටහනක් තම මුහුණු පොතේ තබා තිබෙනවා.