25 C
Colombo
Tuesday, December 3, 2024

ඉන්දියාවේ වෙඩි තැබීමේ පුහුණු ඇකඩමියක සියදිවි නසා ගැනීමක්

- Advertisement -

වෙඩි තැබීම සඳහා පුහුණු කටයුතු සිදු කරන ඇකඩමියක දී 17 හැවිරිදි සිසුවෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ බෝපාල්හි දියි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියෙහි පසුවුණු Yatharth Raghuvanshi නමැති සිසුවෙක්.

ඊයේ (01) මෙම සිසුවා සිය පුහුණුවීම් සඳහා ඇකඩමියට පැමිණ ඇති අතර එහිදී සිය පුහුණු තුවක්කුවෙන් වෙඩි තබා ගෙන තිබෙනවා.

කෙසේවෙතත් රතිබාද් පොලිසිය පැවසුවේ මෙය සියදිවි නසාගැනීමක් යැයි සැක කළ ද, ඊට සම්බන්ධ වන හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි.

භෝපාල්හි රජය විසින් පවත්වාගෙන යනු ලබන වෙඩි තැබීමේ ඇකඩමියකදියි මෙම සිදුවීම සිදු ව ඇත්තේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අශෝක් නගර් දිස්ත්‍රික්කයේ පදිංචි මෙම සිසුවා ප්‍රාන්ත අගනුවර වන බෝපාල්හි වෙඩි තැබීමේ ඇකඩමියේ නේවාසිකාගාරයක නැවතී සිට ඇති බවත් හෙළිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතිවාදී ධම්මවිජය සිවුරු හැර රට පැනලා

මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා. අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්...

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

POPULAR ARTICLES

ජාතිවාදී ධම්මවිජය සිවුරු හැර රට පැනලා

මෙරට සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක පුවත් බෞද්ධාගම පිළිබඳ ව මැවූ පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණන් උපවැදි වී තිබෙනවා. අද (02) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

අද ඩොලරය

ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (02) ඉහළ අගයක පෙන්නුම් කර තිබුණා. ඒ අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ 286.40ක් ලෙසයි. එමෙන්ම...