26.9 C
Colombo
Thursday, December 5, 2024

මාර්ග හැදූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න සල්ලි ගන්න පරිපූරකයක්

- Advertisement -

ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ වන මාර්ග ව්‍යාපෘති වලට 2024 වර්ෂය සඳහා පරිපූරක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පසුගිය වකවානුවේදී රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ණය මුල්‍යකරණය හරහා ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා දීම තාවකාලිකව අත්හිටුවන ලද බැවින්, විදේශ ණය මුල්‍යකරණය යටතේ ලබා දුන් ප්‍රතිපාදන සම්පුර්ණයෙන් යොදා ගැනීමට නොහැකි වී ඇතැයි රජය පවසනවා.

එසේම, අමුද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් දේශීය මූල්‍ය කරණය යටතේ දරන ලද වියදම් ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බිල්පත් පියවීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම කරුණ පිළිබඳව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2024 වර්ෂය සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත විදේශ ණය මූල්‍යකරණය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ඉතිරිවීම් වෙනුවට දේශීය මූල්‍යකරණය යටතේ අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

POPULAR ARTICLES

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...