යතුරුපැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල සිදුවු සැමියා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පල්ලම පොලිසිය පවසන්නේ පල්ලම, අඩම්මන ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
ආණමඩුව දෙසට ගමන් කරමින් තිබු බොලේරෝ කැබ් රිය යතුරුපදියේ මුහුණට මුහුණ ගැටිමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ මාදම්පේ, තනිමැල්ගම පදිංචි 30 හැවිරිදි කාන්තාවක්.
ආණමඩුව, ඌරියාව ප්රදේශයෙ මළ ගෙදරකට ගොස් නැවත මාදම්පේ ප්රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතරතුරයි අනතුර සිදුව අත්තේ.