25 C
Colombo
Thursday, December 5, 2024

ඖෂධවේදී සංගමයේ සභාපති අනිවාර්ය නිවාඩු යවලා

- Advertisement -

ඖෂධ නියාමන අධිකාරියේ රහස් තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත ලබා දෙන බවට සැක කරමින් ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා දෙසැම්බර් 2 වන දා සිට අනිවාර්ය නිවාඩු යැවීමට අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් කටයුතු කර තිබෙනවා.

ඊයේ (03) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා මේ බව පවසා සිටියා.

මේ අතර රණදේව මහතාගේ පෞද්ගලික ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබෙන බව ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියා කලාපය ගැන පාර්ලිමේන්තුවේදී ඊයේ (03) අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පවතින අතර ඊට ප්‍රධාන හේතුව ඖෂධ නියාමන අධිකාරිය තුළ පවතින බරපතළ අකාර්යක්ෂමතාව බව ත් එය දැන් අපි නිවැරැදි කරගෙන යන බවත් පවසා සිටියා.

ඇමතිවරයා සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරිය නිසි ලෙස ඖෂධ ලියාපදිංචි කිරීම හා නැවත ලියාපදිංචිය කිරීම විශේෂයෙන් ම රජයේ රෝහල්වල හිඟ ඖෂධ ලියාපදිංචි කිරීම අකාර්යක්ෂමව සිදු කිරීමට මෙයට හේතුව බවයි.

RECENT ARTICLES - SINHALA

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

POPULAR ARTICLES

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...