25 C
Colombo
Thursday, December 5, 2024

නිධන් හාරන්න උසාවි නියෝග දුන්නේ නැහැ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

- Advertisement -

වේයන්ගොඩ අධිවේගී මාර්ගය ආසන්නයේ ප්‍රදේශයක පසුගියදා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් නිධන් ගොඩගැනීම නඩු තීන්දුව සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඩී. තුසිත මෙන්ඩිස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් පළ කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙරට අධිකරණ පද්ධතියෙන් කිසිදු ලෙසකින් නිධානයක් ගොඩගැනීම වෙනුවෙන් නඩු තීන්දුවක් හෝ නියෝගයක් ලබා දී නොමැති බවයි.

2024 නොවැම්බර් මස 06 වැනි දින වේයන්ගොඩ කැණීම් කළ ස්ථානයේ දිගින් දිගටම පුරාවස්තු සොයා නීතිවිරෝධී කැණීම් සිදුවන බැවින්, සැකකරුවන් බොහෝ පිරිසක් අදාළ ස්ථානයේ හොර රහසේ කැණීම් කරමින් සිටියදී අත් අඩංගුවට ගැනීම හේතුවෙන් එම ස්ථානයේ සත්‍ය වශයෙන් ම යම් පුරාවස්තුවක් ඇති දැයි සොයා බැලීමට පමණක් අධිකරණය මගින් නියෝග කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව තවත් අංශ කිහිපයක් එක් කරගනිමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එම ස්ථානයේ කැණීම් කටයුතු කෙරුණු බවත් එහි කිසිදු වටිනාකමක් සහිත නිධානයක් හෝ වෙන යම් දෙයක් නොතිබූ බවත් තම පාර්ශ්වය මගින් අත්තනගල්ල අධිකරණය වෙත දැනුම්දුන් බවද තුසිත මෙන්ඩිස් මහතා පැවසුවා.

නමුත් සමාජයේ මේ වනවිටත් තවමත් අධිකරණයක් මගින් නිධානයක් ගැනීමට නියෝග කර ඇතැයි ආදී වශයෙන් ප්‍රවෘත්ති පළ වීම දැඩි ගැටලුවක් බවත් ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මෙලෙස පවත්වා කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි හැඟුණු බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන මහතා පැවසුවේ, පුරාවස්තු යනු මිනිස්සු කළ නිර්මාණ මිසෙක ස්වාභාවික ව හටගත් ඒවා නොවන බවත් අතීතයේ සිට මේ දක්වා හමු වූ ඉපැරණි දේ මිනිසුන්ගේ නිර්මාණ මිසෙක ඒවා නිධන් නොවන බවයි.

එමෙන්ම යම්කිසි පුරාවස්තුවක් පිළිබඳ ව කැණීම් කරනුයේ අදාළ ස්ථානයේ විධිමත් පරීක්ෂණයකින් අනතුරුව බව ඔහු සඳහන් කළා.

එබැවින් මෙම කැණීමට ‘නිධන් හෑරීම’ වැනි වචන පවා යෙදීම නොගැළපෙන්නේ මෙය හුදෙක් ‘පුරාවස්තු සෙවීමක්’ මිසෙක නිධානයක් සොයා ගිය මෙහෙයුමක් නොවන නිසාවෙන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

POPULAR ARTICLES

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...