25.9 C
Colombo
Thursday, December 5, 2024

යුධ නීතිය පැනවූ දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

- Advertisement -

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ එරට සියලු ප්‍රජාවම කම්පනයට පත් කරමින්.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය දැඩි තීරණය රූපවාහිනිය තුළින් නිවේදනය කළ අතර “රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ගැන ද ඔහු එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත්, එයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව පාර්ලිමේන්තුවට රැස් කිරීමට පෙළඹවූ අතර අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව ඒකමතිකව, හමුදා නීතියට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවයි.

මේ අතර, අද දහවල්, විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ, අදාල යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය මේ වනවිට ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව තිබෙනවා.

මේ අතර, ඉදිරි සතිවල සිදුවීමට නියමිතව තිබු ස්වීඩන අග්‍රාමාත්‍යවරයාගේ සහ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයෙකුගේ නිල කොරියානු සංචාර අවලංගු කිරීමට ස්වීඩන සහ ජපන් බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකාවේ ධවල මන්දිරය ද නිවේදනය නිකුත් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය සමීපව නීරීක්ෂණය කරමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

POPULAR ARTICLES

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉවතට

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වුණා. ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමගයි. ප්‍රංශ ආණ්ඩුව 2025 වසර...