25.9 C
Colombo
Thursday, December 5, 2024

මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍ර අහෝසි කරලා

- Advertisement -

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළා.  

ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් එම පෙත්සම ගොනුකර තිබුණා. 

දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සටහන් කළේ මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි.

පෙත්සම සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර තිබෙනවා.

දෙසැම්බර් මස 31 වන දා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වනදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහු පවසා තිබෙනවා.

තම සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 10ක් නිකුත් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඉන් බලපත්‍ර 08ක් අද දින සිට අත්හිටුවන බවට දැනුම් දී ඇති බවද ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබුණා.

තම සේවාදායකයා විසින් ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3ක හිඟ සුරාබදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් මුදල්වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරිණ ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  ආචාර්ය. අවන්ති පෙරේරා මහත්මිය දැඩි පෙර විරෝධය පළ කර තිබෙනවා.

හිඟ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස 30 වන සිට අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව සඳහන් කළා.

එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එය බදු ගෙවීම් පැහැර හැරි සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අදාළ වන බවත් පැවසුවා. 

ඒ අනුව, මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මිනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

POPULAR ARTICLES

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉවතට

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වුණා. ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමගයි. ප්‍රංශ ආණ්ඩුව 2025 වසර...