25.9 C
Colombo
Thursday, December 5, 2024

පාර්ලිමේන්තු පාරේ තාප්පයක් කඩා වැටී අයෙක් මරුට

- Advertisement -

නිවසක් වටා ඉදිකර තිබූ තාප්පයක කොටසක් කඩා වැටීමෙන් පෑස්සුම් ශිල්පියකු මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම, කහඹිලියාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව වැලිකඩ පොලිසිය පවසනවා.

මරණකරුගේ උපන් දිනය යෙදී තිබූ පසුගිය 2 වැනිදාම ඔහුට මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ඔහු සිය පුතා සමග ශ්‍රී ජයවර්ධනපුර, පාර්ලිමේන්තු පාරේ, කුඹුක්ගහදුව ප්‍රදේශයේ නිවසක තාප්පයක තිබූ පැරැණි යකඩ වැටක් ඉවත් කර අලුත් වැටක් සවි කිරීමට කටයුතු කර තිබෙන බවයි.

එම අවස්ථාවේ මියගිය අයගේ පුත්‍රයා වෙළඳ සැලක් වෙත ගොස් තිබෙන අතර තාප්පේ ඉතිරි කොටස ඔහු විසින් කඩා ඉවත් කරමින් සිට තිබෙනවා.

ඒ මොහොතේ එකවරම තාප්පය කඩා වැටීමෙන් ඔහු ඊට යට වී ඇති බවත් ඒ හේතුවෙන් මරණය සිදුව ඇති බව අනාවරණය වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

බාර් ලයිසන් ගත්ත අයගේ නම් ලිස්ට් එක මෙන්න

2024 වර්ෂය සඳහා නිකුත් කරන ලද සුරාබදු බලපත්‍රවල සියලුම තොරතුරු ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා හෙළි කළා. ඊ‌ට අදාළ නාම ලේඛනය පහතින් Notes_241204_213819Download https://www.news19.lk/here-is-the-number-of-bar-licenses-given-by-ranil-revealed-by-bimal1/

POPULAR ARTICLES

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉවතට

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වුණා. ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමගයි. ප්‍රංශ ආණ්ඩුව 2025 වසර...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...