25.9 C
Colombo
Thursday, December 5, 2024

දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර

- Advertisement -

ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’ කාණ්ඩයේ සියලු තරග අද (04) අවසන් වූ අතර, ඒ සමග අවසන් පූර්ව වටයේ දී තරගවදින කණ්ඩායම් තේරී පත්වුණා.

මෙම තරගාවලියේ මූලික වටයේ ‘B’කාණ්ඩයෙන් තරගකළ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව වටයට පිවිසියා.

ඒ අනුව ඔවුන් ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව එහි දෙවැනි ස්ථානය හිමිකරගත් ඉන්දියාව සමගින් දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගය දෙසැම්බර් 6වනදා සාජාහිදී පැවැත්වෙනු ඇති.

ඉන්දීය කණ්ඩායම මූලික වටයේදී පාකිස්තානයට පමණක් පරාජයට පත්වුණා.

ඒ අනුව ඔවුන් අද පැවති තීරණාත්මක තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පහසුවෙන් පරාජය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරගාවලියේ පසුගියවර අනුශූරතාව දිනාගැනීමට සමත් වුණා.

මේ අතර මෙහි පළමු අවසන් පූර්ව තරගයද එදිනම ‘B’කාණ්ඩයේ දෙවනි ස්ථානය දිනාගත් බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වෙනවා.

බංග්ලාදේශය මෙහි වත්මන් ශූරයන් වන අතර, ඔවුන් අවසන්වරට 2023 වසරේ පැවැති අදියර ජයගත්තා.

එමෙන්ම 2017 වසරේදී ආසියානු ශූරයන් ලෙස ඇෆ්ගනිස්තානය කිරුළු පැළඳීම හැරෙන්න තරග ඉතිහාසයේ අනෙක් සෑම අවස්ථාවකදීම (අවස්ථා 7) ශූරතාව දිනාගැනීමට සමත්ව ඇත්තේ ඉන්දියාවයි.

ශ්‍රී ලංකාව අවස්ථා 5කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇතත්, ඒ සෑම අවස්ථාවකම අනුශූරතාවෙන් සෑහීමට සිදුවුණා.

පාකිස්තානය ද අවස්ථා 2කදී අනුශූරයන් වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

POPULAR ARTICLES

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉවතට

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වුණා. ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමගයි. ප්‍රංශ ආණ්ඩුව 2025 වසර...