25.9 C
Colombo
Thursday, December 5, 2024

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

- Advertisement -

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පවසනවා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි.

ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළා.

එසේම රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර තිබුණා.

වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය...

POPULAR ARTICLES

පොහොට්ටුවෙක් CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද (05) පෙරවරුවේ කෙළඹදීයි. මහවිරු සැමරුම පිළිබඳ අසත්‍යය...

විදුලි බිල අඩු කිරීමේ යෝජනාව හෙට උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට...

ප්‍රංශ අගමැති ධුරයෙන් ඉවතට

ප්‍රංශ අග්‍රාමාත්‍ය මිෂෙල් බානියේට සිය ධුරය අහිමි වුණා. ඒ, ඊයේ (04) එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමකින් ඔහු පරාජයට පත් වීමත් සමගයි. ප්‍රංශ ආණ්ඩුව 2025 වසර...