24.9 C
Colombo
Tuesday, December 10, 2024

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

- Advertisement -

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබෙනවා.

ලග්ගල ප්‍රදේශය උපත ලැබු උන්වහන්සේ නමින් පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන්ද්‍රයන්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ද මධ්‍යම පළාතෙන් විශිෂ්ට ලෙස සමත් වෙමින් උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පිවිසෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වෙතයි.

එහිදී දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වන වඩිගල සමිතරතන හිමියන්; පසුව සිය දර්ශනපති උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්තර්ජාතික සබඳතාව ඉතිහාසගත කරමින් 1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවැනි වරටයි.

එහි පළමු වාසනාවන්ත භික්ෂුව වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන්.

ඉන් පසුව එම අවස්ථාව ලැබීමට පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් භාග්‍යවන්ත වී තිබෙනවා.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් මේ වනවිට සිය දර්ශනපති උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ ග්ලෝරිසන් විශාරදයෙකු ලෙස බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ව සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අලුත් ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රජය පවසන්නේ...

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්...

ලක්ෂ 50කට අධික විදෙස් මත්පැන් බෝතල් තොගයක් අල්ලයි

ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා. බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබුණු...

POPULAR ARTICLES

සිරාජ්ට ICCයෙන් දඩයක්

පසුගියදා (06) ඇඩිලේඩ් නුවර දී ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක විශිෂ්ට ජයක් අත්පත් කර දුන් බෝඩර් ගවස්කාර් කුසලාන ඉන්දු - ඔස්ට්‍රෙලියා දෙවැනි ටෙස්ට් ගැටුම අතරතුර දී...