30 C
Colombo
Wednesday, February 19, 2025

Breaking: ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප

- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණා.

සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණා.

ඒ අනුව දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබෙනවා.

ඊට අමතරව ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනුණා.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයේන සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළා.

එවන් පසුබිමක රත්වත්තේ මහතාගේ බිරිය වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මියව ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.
 
RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES