කොවිඩ් 19 ව්‍යාසනයෙන් ජනතාව මුහුණ දෙන ගැටලු පිලීබඳව තොරතුරු ලබා ගැනීමටත්, එම ගැටලු ආදාල බලධාරීන් සහ පාර්ශවයන් වෙත යොමු කර වීමට සමගි ජන බලවේගයේ ‘විශේෂ මෙහෙයුම් මැදිරිය’ ආරම්භ කර ඇත.
නොවැම්බර් (17) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මැදිරිය ආරම්භ කර ඇත. එම මැදිරිය හරහා හැකි පමණ ජනතාවගේ ගැටලු විසදාගැනීමට සහායවීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වන බවත් ඒ අනුව එම විශේෂ මැදිරියේ ක්‍රියාත්මක 117701300 දුරකථනය හරහා ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කළ හැකිබවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පවසයි.