මේ වන විට නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලැබුණු නිර්දේශ මත මෙම පත්වීම සිදුකර ඇතිබවටයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.