30 C
Colombo
Wednesday, February 19, 2025

එජාප හිටපු නාගරික මන්ත්‍රීට එරෙහිව අධිකරණ නියෝගයක්

- Advertisement -

මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළා.

එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබුවා. 

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ, මෙම කරුණට අදාළව අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක්ද තමන් විසින් ගොනුකර තිබෙන බවයි.

අදාළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සේවා දායකයා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයකට පත් කර ගැනීම සුදුසු බවයි.

ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 01 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES