ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයටම දැනෙන ප්‍රකාශයක් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පසුගිය දිනයේදී සිදුකළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (18) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.
රටේ පාලකයා සම්බන්ධයෙන් ජනතාව තුල ඇති විශ්වාසය මේ වන විට සම්පූර්ණයෙන්ම ගිලිහි ගොස් ඇති බව මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේ පවසන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඔහුට ඡන්දය ලබාදුන් ජනතාවට මේ වන විට වැටහී ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.
මහින්ද රාජපක්ෂ ඡන්දයෙන් පැරදුණු විට මහින්ද සුළඟ ගොඩනැගීමට මූලික වූ මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේ දැන් නව නායකයෙක් සොයමින් සිටින අතර එදා උන්වහන්සේ මායාවකට රැවටුණු බව මුරුත්තෙට්ටුවේ හිමියන් පවසන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.