28 C
Colombo
Thursday, December 19, 2024

ඔයා මට සර් කියන්න – අර්චුනා

- Advertisement -

යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ මතභේදාත්මක වීඩියෝවක් නැවතත් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වී තිබෙනවා. 

එම වීඩියෝවෙහි පළ වී තිබුණේ, ඔහු රෝහල් වෛද්‍යවරයෙකුගෙන් තමාට ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස ඉල්ලා සිටින අයුරුයි.

එහිදී මන්ත්‍රීවරයා එම රෝහල් වෛද්‍යවරයාට පවසන්නේ, තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  බවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසයි.

කෙසේවෙතත් මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ඉකුත් පසුගිය දිනකද  යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් සිදු කළ හැසිරීමක් සම්බන්ධයෙන්ද එම රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ පටන්ම මෙම මන්ත්‍රීවරයා නොයෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් මැවූ මන්ත්‍රීවරයෙක් වනවා. 

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හරක් කටාට එරෙහිව ඇති නඩුවක සාක්ෂි විමසීම අරඹලා

තවත් පුද්ගලයෙකු සමග බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ...

ගාල්ල බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක්

ගාල්ල බන්ධනාගාරය තුළදී අද (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බවට වාර්තා වනවා. ගාල්ල බන්ධනාගරයේ රඳවා...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තය අවසන්කර අංගනය වෙත ධාවනය කිරීමේ දී රඹුක්කන දුම්රිය ස්ථානයේ දී අද (19) සවස පිලීපැනීමකට ලක්ව...

POPULAR ARTICLES