මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඊයේ (10) මැතිවරණ කොමිසමට දැනුම්දී තිබුණා.
ඒ අනුව, මැතිවරණ කොමිසම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවුණා.
ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ ලේකම්වරිය පියවර ගෙන තිබුණා.