26.6 C
Colombo
Thursday, December 12, 2024

සියල්ලන් බැඳ තබන භාෂා මාධ්‍ය තමයි ඉංග්‍රීසි භාෂාව – චන්ග්

- Advertisement -

ජාති ආගම් බේදයකින් තොරව ජනතාව එකමුතු කිරීම වැදගත් බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පැවසුවා.

මහනුවර මහනගර සභාවේ පැවති උත්සවයක් අමතමින් ජුලි චන්ග් මහත්මිය ඊයේ (10) මේ බව පවසා සිටියා.

තවදුරටත් අදහස්දැක්වු ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්,

“අපට අසන්නට ලැබුණා නව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත්භාවය ගැන කතා කළා. ඔබේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ රටේ වර්ගවාදයට හෝ අන්තවාදයට කිසිඳු ඉඩක් නොමැති බව. ඔබේ සියලු විෂමතාවන් සහ විවිධත්වය සැමරිය යුතු කාරණයක්. එමඟින් සියල්ලන්ම සාමකාමී එක් ජන ප්‍රජාවක් බවට පත්වේවී.

ජන ප්‍රජාවන් එක් කරමින් එම දැක්මට දායකවන්න ‘අමෙරිකන් කෝනර්’ එකට හැකියාවක් ලැබීම ගැන මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා. ඔබේ පසුබිම, භාෂාව, ආගම, ආර්ථික මට්ටම, ඔබ කාන්තාවක් ද පිරිමියෙක්ද හෝ කවරෙක්ද යන්න එහිදී වැදගත් වන්නේ නැහැ. වැදගත් වන්නේ ජනතාව එකමුතු කිරීමයි. 2019 වසරේදි අපි ශ්‍රී ලංකාව පුරා යොවුන් පෙළ නියෝජනය කළ පළමු යොවුන් සංසදය පවත්වනු ලැබුවා. ඉංග්‍රීසි භාෂාව මෙහිදි විවිධ ජනකොටස් එකිනෙකාට සම්බන්ධ කරන මාධ්‍යය බවට පත්වී තිබෙනවා.

මොකද සමහර ශිෂ්‍යයින් දෙමළ බසත්, ඇතැමුන් සිංහලෙන් කතා කළත් ඉංග්‍රීසි භාෂාව සියල්ලන් බැඳ තබන භාෂා මාධ්‍යයයි. රටේ පස්කොනේ සිට පැමිණෙන සියල්ලන්ට මෙහිදී නායකත්වය වගේම ඔවුන්ගේ ප්‍රජාවට දායකත්වයක් දැක්විය හැකි ආකාරය ගැන ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ යොවුන් සමුළුව කලාපීය සමුළුවක් බවට වර්ධනය වී තිබෙනවා.පසුගිය වසරේ කොළඹ පැවති කලාපීය සමුළුවට ශ්‍රී ලංකාවෙන් විතරක් නෙවෙයි ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින ඇතුළු කලාපයේ සෑම රටකම යෞවනයන් සහභාගි වුණා. මම එහිදි හඳුනාගත් කාරණයක් තමයි දකුණු ආසියානු කලාපයේ සියලුම යෞවනයන්ට ඔවුන්ගේ භාෂාව කුමක් වුවත් එකම සිහිනයක්, එකම ඉලක්කයක් සහ එකම අගයක් ඇති බව.”

RECENT ARTICLES - SINHALA

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්...

POPULAR ARTICLES

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගන්න හදලා

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා...