පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද (11) දහවල් පිටකොටුව පස්වෙනි හරස් වීදියේ සහල් තොග වෙළෙඳසැල් පරීක්ෂා කර තිබෙනවා.
ඒ එම වෙළෙඳසැල්වල සහල් සඟවාගෙන සිටීම ඇතුළු පැමිණිලි ලැබීම හේතුවෙන්.
එහිදී වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැලකට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් නීතිමය පියවර ගෙන තිබුණා.
මීට අමතරව මිල ප්‍රදර්ශනය නොකිරීම සහ කල් ඉකුත් වූ සහල් විකිණීම සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකර තිබෙනවා.