23.4 C
Colombo
Monday, January 6, 2025

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගන්න හදලා

- Advertisement -

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ තත්වය යහපත් බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය 3 වැනිදා දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට ගත් තීරණයේ සම්පූර්ණ වගකීම බාර ගනිමින් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් ජොන් හියුන් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

කිම් ජොන් හියුන් ඊයේ (10) රාත්‍රියේදී රැඳවුම් කුටිය තුළදී සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී රැකවලුන් එය දැක ඔහු බේරාගෙන ඇති බවද දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමුදා නීතිය පැනවීමට අදාළව පැවැති විමර්ශනවලදී කිම් ජොන් හියුන් පසුගිය 8 වැනිදා රැඳවුම් බාරයට ගත් අතර අනතුරුව දේශද්‍රෝහී චෝදනා මත ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවා.

ජනාධිපති යුන් සුක් යෝල්ගේ කාර්යාලය සෝදිසි කිරීමට දකුණු කොරියානු පොලිසිය උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවද පැවැසෙනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව දේශ ද්‍රෝහි චෝදනා යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

බෙදපු ඉඩම් ගැන විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය...

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

POPULAR ARTICLES

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර...

බෙදපු ඉඩම් ගැන විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය...

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...