මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන්නේ අදාළ ඝාතනය සැක සහිත බවයි.
2008 වසරේ ඔක්තෝබර් 6 වැනිදා අනුරාධපුරයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජෙනරල් ජානක පෙරේරා මහතා ඔහුගේ බිරිඳ ඇතුළු 28 දෙනෙකු ඝාතනයට ලක්වුණා.
කීර්තිමත් හමුදා නිලධාරියෙකු වූ ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ කලක් කටයුතු කර තිබුණා.
අනතුරුව ඔහු උතුරු මැද පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට ඉදිරිපත්වූයේ එවක ආණ්ඩු පක්ෂයට ප්‍රතිවිරුද්ධ පක්ෂයෙන්.
මැතිවරණ ව්‍යාපාරය අතරතුර අනුරාධපුර පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් ජානක පෙරේරා මහතා ඇතුලු 28 දෙනා ඝාතනයට ලක්වුණා.
එවක ප්‍රකාශ වූයේ, මෙම ඝාතන LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි.
නමුත් අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි ජානක පෙරේරා මහතාගේ සොහොයුරෙක් හා ඥාති පුත්‍රයෙකු පැමිණිල්ලක් ගොනුකරමින් කියා සිටියේ මෙම ඝාතනය සැක සහිත බවයි.