23.4 C
Colombo
Monday, January 6, 2025

ලංකා T10 සුපර් ලීගයේ තරඟ පාවාදීමක්?

- Advertisement -

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ නිලධාරී කණ්ඩායමක් මහනුවරට ගොස් ඇති බව වාර්තා වනවා.

තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර ඇති බව ද වාර්තා වනවා.

චෝදනාව එල්ල වී ඇති ඉන්දීය ජාතිකයා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමක අයිතිකරුවකු බවත් ඔහු විසින්ම අදාළ ක්‍රීඩකයාට තරග පාවාදීමට යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

මහනුවර බලා පිටත්ව ගොස් ඇති පොලිස් කණ්ඩායමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ඉහලතම නිලධාරීන් ද එක්ව සිටින බවත් ඊට අමතරව තවත් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ මහනුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයට විදේශ ක්‍රීඩකයෝ 30 ක් පමණ ඇතුළත්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

බෙදපු ඉඩම් ගැන විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය...

වවුනියාවේ මී උණ රෝගයේ ව්‍යාප්තියක්

ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය...

ගොවින්ට තව කරදරයක්

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත්...

POPULAR ARTICLES