27 C
Colombo
Tuesday, January 7, 2025

ඊලෝන් මස්ක් ධනවතුන් ලැයිස්තුවේ පෙරමුණට

- Advertisement -

ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය වාර්තා කරනවා.

එහි සඳහන් කර ඇත්තේ, ඔහු සතු සමාගමක් වන SpaceX හි අභ්‍යන්තර කොටස් විකිණීම මගින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, ටෙස්ලා සමාගමේ කොටස් ද පසුගිය බදාදා සිය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණීමත් සමඟ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 447 දක්වා ඉහළ ගොස් ඇති බව Bloomberg Billionaires Index හි සඳහන් වනවා.

මක්ගේ එක් දිනක වත්කම් වර්ධනය ඩොලර් බිලියන 62.8 ක් වන අතර, එය වාර්තාගත ඉහළම අගයක් බවයි වාර්තා වන්නේ.

තවද, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ වත්කම් එකතුව ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවා ඇති බව පවසන එම වෙබ් අඩවිය, එම ප්‍රමාණය 2023 වර්ෂයේ ජර්මනිය, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදනයට සමාන බව සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

ගල්කිස්සේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක්

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී අද (07) අලුයම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසකට අද අළුයම 4.25ට...

POPULAR ARTICLES

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...