27.4 C
Colombo
Thursday, December 12, 2024

වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

- Advertisement -

ඉපලෝගම පොලිස් වසමේ, මහඉලුප්පලම උදේනිපුර ගම්මානයේදී ඊයේ (11) රාත්‍රියේ වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුපල්ලම උදේනිපුර පදිංචි එක්දරු පියෙකු වන තුවාන් සාමි මොහොමඩ් සදුර්ඩීන් නම් 62 හැවිරිදි වියේ අයෙක්.

ඔහු ‍ සෞඛ්‍ය අමාත්‍යංශයේ රියදුරෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයෙක්ද වනවා.

ඊයේ පස්වරුවේ මහඉලුප්ලලම නගරයේ වෙළඳසැලකට ගොස් නැවත නිවසට එමින් සිටියදී නගරයේ සිට මීටර 100 ක් පමණ දුරින් මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා.

නගරයේ සිට ඔහුගේ නිවසට පැමිණිමට ඇත්තේ දෙපස තේක්ක රක්ෂිතයකින් සමන්විත වූ මාර්ගයකින් වන අතර, ඊයේ (11) පස්වරු 6.10 ට පමණ මාර්ගය අසලට පැමිණ සිටි වන අලියකු මෙලෙස මෙම පුද්ගලයාට පහර දී තිබෙනවා.

වන අලි පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තුවාන් සදුර්ඩීන් මහතා ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර, ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවුණත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වන අලි පහරදීමෙන් ශරීරයේ අභ්‍යන්තරයට  සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මහඉලුප්පල්ලම ගම්මානයට මේ දින වල නිරන්තරයෙන් පවතින වන අලි තර්ජනයට විසඳුමක් ලෙස පසුගියදා (08) වන අලි පළවා හැරීමේ දින 05 ක මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර,එය අද දිනය දක්වාද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරදී , මෙම වන අලි පහරදීම සිදු වූයේ අදාළ මෙහෙයුම ආරම්භ කළ ස්ථානයෙන් වීමද කණගාටුවට කරුණක්.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ වන අලි ගැටලුවට පිළියමක් ලෙස තම ගම්මානය අවට ඇති කැලෑවේ යටි කැළය කපා සුද්ධ කර දෙන ලෙසයි.

එලෙස සුද්ධ කළ පසු මාර්ග අවට කැලෑවේ වන අලින් රැදී නොසිටින බවත්, වන අලියකු පැමිණිය හොත් පෙනන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...

වැඩි මිලට සහල් විකිණූ වෙළෙන්දන්ට නඩු

රජයේ පාලන මිළට වැඩියෙන් හාල් විකිණූ අම්බලන්තොට නගරයේ වෙළඳුන්ට පාරිභෝගික සේවා අධිකාරිය මගින් නඩු පැවැරීමට කටයුතු කළා. සුදු කැකුළු හා රතු කැකුළු හාල් කිලෝවක් රුපියල්...

POPULAR ARTICLES

ඊශ්‍රායල ප්‍රහාර කිහිපයකින් ගාසාහි 35 දෙනෙකු මරුට

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්...

විදේශ රැකියා වංචාකරුගෙන් පොලිසියට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු සිදුකළ පහරදීමකින් උප...

දූෂණ – වංචා මඩින්න කැනඩා සහය

දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ...